ප්‍රදේශ රැසකට මි.මි 75 ඉක්මවූ ගිගුරුම් සහිත තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව පළාතේත් අම්පාරසහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
හම්බන්තොටදිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.
මීගමුව සිට කොළඹ සහ ගාල්ලහරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත සිට බස්නාහිර දක්වා වන දිශාවලින් හමා එයි. සුළගේ වේගයපැ.කි.මී. (30-40) පමණ වේ.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම සහ මන්නාරමහරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා වැඩි විය හැක.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම හරහා මන්නාරමදක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
ධීවර සහ නාවික ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
779 Views
Comments