තලේබාන් සංවිධානය චීනය සමග එකගතාවයකට

ඇෆ්ගනිස්තාන භූමිය වෙනත් කිසිදු රටක ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන කටයුතු සදහා යොදාගැනීමට ඉඩ නොතබන බවට තලේබාන් සංවිධානය චීනයට සහතික වී තිබේ.
නව දෙනෙකුගෙන් යුත් විශේෂ තලේබාන් නියෝජිත පිරිසක් චීනයේ ටියැන්ජින් නගරයේදී විදේශ අමාත්‍ය වැන්ග් යී සමග පැවැත්වූ සාකච්ඡාවකදී මෙම සහතිකය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සාකච්ඡාවලදී, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ප්‍රකාශ කර ඇත්තේ තමන් ඇෆ්ගනිස්තානයේ කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී එරට ගැටලු විසදා සාමය ඇති කිරීමට අවශ්‍ය සහය පමණක් ලබාදෙන බවයි.
1024 Views
Comments