එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් මුහුදු සත්වයන් රැසක් ජීවිතක්ෂයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
31

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් මුහුදු සත්වයන් රැසක් ජීවිතක්ෂයට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් මුහුදු සත්වයන් රැසක් ජීවිතක්ෂයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව  තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීමත් සමග මුහුදු සත්වයන් 473ක් මිය ගොස් ඇති බවයි.

 

 


ඒ අනුව මිය ගිය කැස්බෑවුන් 417 දෙනෙක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 48 දෙනෙක් හා තල්මසුන් 8 දෙනෙකුගේ සිරුරු වෙරළට ගොඩගසා ඇති බව වාර්තා වී ඇත.


මාධව තෙන්නකෝන් මහතා තවදුරටත් කියා සිටියේ ගිනි ගැනීමට ලක් වූ නැව අසල තිබූ ජල සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමෙන් පසුව ඒ තුළ  පෙට්‍රෝලියම් අඩංගු සංඝටක තිබූ බවට අනාවරණය වූ බවයි.

 

 


කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කර සිටියේ මේ සම්බන්ධ පැමිණිල්ල නැවත අගෝස්තු 18 වන දින කැදවන ලෙසටයි.

views

868 Views

Comments

arrow-up