රිෂාඩ්ගේ නිවසේ තරුණියෝ 11 කට අතවර - ඇමති නිල නිවස ඇතුළෙත් ලිංගික හිංසන කරලා

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා මීට ඉහතදී වතුකරයෙන් රැගෙන ආ තරුණියන් 11 දෙනකු දැඩි ලිංගික අතවරයන්ට සහ හිංසනයන්ට ලක්වී ඇති බව පොලිසිය සිදු කළ පරික්‍ෂණවලින් අනාවරණය වී තිබේ.
හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනැවිත් තිබූ තරුණියක් බම්බලපිටිය ප‍්‍රදේශයේදී අභිරහස් අන්දමින් දුම්රියට පැන සියදිවි හානිකර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
එමෙන්ම රිෂාඩ් බදියුදීන් පසුගිය රජය සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරද්දී ඇමති නිල නිවසේදීම තරුණියක් දූෂණයට ලක්වී ඇති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති අතර එම තරුණිය දූෂණයට ලක්කර ඇත්තේ රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා (බිරිඳගේ සොහොයුරා) විසින් බවට ලැබී ඇති තොරතුරු පිළිබඳව පොලිසිය වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.
මෙසේ අතවරයට ලක්වූ තරුණිය තමන්ට අතවර කළ නිල නිවස සහ එහි කාමරය පවා පොලිසියට පෙන්වා තිබේ.
හිටපු ඇමැති රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාලවයස්කාර දැරිය අභිරහස් අන්දමින් සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ, මස්සිනා, මාමණ්ඩිය සහ දැරිය රැගෙන ආ බ්‍රෝකර්වරයා පොලිසිය මගින් ඊයේ (23) අලූයම අත්අඩංගුවට ගනු ලැබීණි.
මේ අතර රිෂාඩ් බදියුදීන්ගේ නිවසට මෙහෙකාර සේවය සඳහා රැගෙන ආ තරුණියන් සහ බාලවයස්කාර දැරියන් ලිංගික අතවරයට සහ දැඩි හිංසනයන්ට ලක්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරියක වන වරුණි බෝගහවත්ත මහත්මිය පත් කිරීමට බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතුකර ඇත.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට වතුකරයේ සිට මෙම තරුණියන් සියලූ දෙනා රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා ගෙනැවිත් ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන බ්‍රෝකර්වරයා විසින් හිටපු ඇමතිගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙනය.
මෙසේ ගිනි තබාගෙන සියදිවි හානිකරගත් බව කියන දැරියද ලිංගික අතවරයට ලක්ව සිටි බව විමර්ශනවලින් අනාවරණය විය.
මෙම දැරිය හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවස පිටුපස වෙනම පිහිටි කුඩා කාමරයක නතර කර තබා ඇති අතර එම කාමරයේ විදුලි එළියක් පවා තිබී නොමැත.
මාස 8ක පමණ කාලයක සිට දැරියට නිවසට යාමට ඉඩ ලබාදී නොමැති අතර මාසයක සිට නිවසට දුරකථන ඇමතුම් හෝ ලබා ගැනීමට ඉඩදී නොමැත.
රාතී‍්‍ර 10.30ට මෙම දැරිය එම කුඩා කාමරයට දමා දොර අගුලු දමන බවත් පසුදා අලූයම 5.30ට එම කාමරය විවෘත කර ඇති බවත් හෙළිව තිබේ.
ඒ අතර කාලයේදී ඇයට වැසිකිළියට පවා යෑමට ඉඩකඩ ලබාදී නොතිබණු බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
මෙම දැරිය මෙහෙකාර සේවයට රැගෙන ආ බ්‍රෝකර්ගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන අතර වැදගත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය කරගෙන තිබේ.
1803 Views
Comments