දෙදරු පියා මැරූ සැකකරුවෝ නිදැල්ලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

දෙදරු පියා මැරූ සැකකරුවෝ නිදැල්ලේ

දෙදරු පියා මැරූ සැකකරුවෝ නිදැල්ලේ

වැලිගම, මිදිගම ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු පහරදී ඝාතනය කර තිබේ. ත‍්‍රිරෝද රථයක පැමිණි තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක දෙදෙනකු විසින් මෙම පහරදීම් සිදු කරන ආකාරය සීසීටීවී දර්ශනවලද සටහන්ව තිබිණි.

 

මෙලෙස පහරකෑමට ලක්ව මියගොස් ඇත්තේ මිදිගම, ගස්මුල්ල වත්ත ලිපිනයෙහි පදිංචි එල්. ඉෂාර සංජීව නමැති තිස් හය(36) හැවිරිදි දෙදරු පියෙකි. 

 

අමිල විජේසේකර නොහොත් දේනුවල පෝක් අමිල නැමැත්තා විසින් මූලික වී මෙම පහරදීම සිදු කර ඇති බව වැලිගම පොලිසිය සඳහන් කරයි.

 

එම පුද්ගලයා මත් කුඩු සම්බන්ධයෙන් අධිකරණයේ නඩු රාශියක් පවතින අයෙකි. පහරදීම සිදුවීමට පෙර පහරදීම් කළ අය සහ මරණයට පත් වූ පුද්ගලයා ගොවියාපාන ප‍්‍රදේශයේ රාත‍්‍රි අවන්හලක වෙන වෙනම මත්පැන් පානය කරමින් සිට තිබේ. 

 

එම ස්ථානයේ දී සිදු වූයේ කුමක්ද යන්න අනාවරණය වී නොමැත.

 

මොහු මරණයට පත්වී තිබෙන්නේ මිදිගම ප‍්‍රදේශයේ මියගිය පුද්ගලයාගේ සහෝදරියකගේ නිවසක් අසල අතුරු මාර්ගයකදීය. 

 

මරණයට පත් තැනැත්තා සමඟ පැමිණි තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

 

පහරදීම් කළ අය කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්. අබේසේකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධර්මවර්ධන මහතාගේ මූලිකත්වයෙන් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරති.

views

6983 Views

Comments

arrow-up