20 හැවිරිදි විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් සේවකයා විදුලි සැර වැදි මරුට

පොලොන්නරුව, බැඳිවැව ප‍්‍රදේශයේ විදුලි රැහැන් සහිත මාර්ගයක මංවර හෙළි පෙහෙලි කිරීමේ යෙදී සිටි පුද්ගලයෙකු විදුලි සැර වැදී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොලොන්නරුව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ විදුලිබල මණ්ඩලයේ කොන්ත‍්‍රාත්කරුවකු යටතේ සේවය කල සේවකයෙකු වන මැදිරිගිරිය, මහඅඹගස්වැව, පුබුදුගම පදිංචි යූ. ජී. තරුෂ ධනංජය නැමැති 20 හැවිරිදි තරුණයෙකි.
පොලොන්නරුව, බැඳිවැව කනත්ත ඉදිරිපිට පිහිටි විදුලි රැහැන් සහිත මාර්ගයේ මංවර හෙළිපෙහෙලි කිරීමට ගසක අතු කපමින් සිටි මොහු ගසේ අතු කපමින් සිටින අතරතුර විදුලි රැහැන් පද්ධතිය මතට අත්තක් කඩා වැටී විදුලි සැර වැදී ඇති බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී තිබේ.
1047 Views
Comments