සීඝ්‍ර එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව පළමු තැනට

ශ්‍රී ලංකාව මේ වනවිට සීඝ්‍රයෙන් එන්නත්කරණය සිදු කරන රටවල් අතරින් පළමු තැනට පත්ව ඇතිබව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණය වැඩපිළිවෙළ යටතේ ඊයේ(29) දිනය තුළ එන්නත් පන් ලක්ෂ පහලොස්දහස් අටසිය විසි දෙකක් ලබා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාව මේ වනවිට සීඝ්‍රයෙන් එන්නත්කරණය සිදු කරන රටවල් අතරින් පළමු තැනට පත් වී ඇති බව එම නිවේදනයේ සඳහනවේ.
මියගිය පිරිසගෙන් 60%ක් කිසිම එන්නතක් ලබා නොගත් අය බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇතැයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
776 Views
Comments