“ලඟදීම රටම අඳුරේ” - විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවති
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

“ලඟදීම රටම අඳුරේ” - විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවති

“ලඟදීම රටම අඳුරේ” - විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවති

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ සැලසුම් ප්‍රතික්ෂේප කරමින් බලධාරීන් කටයුතු කිරීම නිසා අනාගතයේ රට අඳුරු අගාධයකට වැටීමේ අවදානමකට ලක්ව ඇතැයි ලංවීම ඉංජිනේරු සංගමය චෝදනා කරයි.

 

“ලංවීම ඉංජිනේරුවරුන්ගේ ගල්අඟරු මාෆියාව“ යනුවෙන් ව්‍යාජ බිල්ලෙක් මවා ගල්අඟු‍රු බලාගාර ප්‍රතිකෂේප කිරීම හේතුවෙන් අනාගතයේදී රටේ දැඩි විදුලි අර්බුදයක් හටගනු ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා සඳහන් කළේය.

 

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් එදා සිටම මේ වනතෙක් අඩුවියදම් විදුලිබල ජනන ක්‍රමයක් වන ගල්අඟු‍රු බලාගාරවල අවශ්‍යතාවය මතු කළ බවද ජයනාත් මහතා පැවසුවේය.

 

සූර්යබල පැනල කර්මාන්තකරුවන් සහ රාජ්‍ය නොවන සංවිධාන එජන්තයින් ලාභ ලැබීමේ අරමුණින් බලධාරීන්ට සහ රටට වැරදි ප්‍රතිරූපයක් මවා ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

views

895 Views

Comments

arrow-up