අනිද්දා සිට ලන්ච්ෂීට් තහනම තදින්ම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

අනිද්දා සිට ලන්ච්ෂීට් තහනම තදින්ම

අනිද්දා සිට ලන්ච්ෂීට් තහනම තදින්ම

පොලිතීන් ආශ්‍රයෙන් නිෂ්පාදිත නොදිරන ලන්ච්ෂීට් භාවිතය තහනම අනිද්දා(01) සිට තදින් ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

 

2017 වසරේ අදාල ගැසට් පත‍්‍රය නිකුත් කර තිබුණත් එම තහනම ක්‍රියාත්මක කිරීම සඳහා වගකිවයුතු අංශවලින් නිසි සහයෝගයක් නොලැබීම නිසා එය නිසිසේ ක්‍රියාත්මක නොවූ බවද අමාත්‍යවරයා පවසයි.

 

වර්ෂයකට ලන්ච්ෂීට් මිලියන 5475 ක් පමණ ප‍්‍රතිචක්‍රීකරණයකින් තොරව පරිසරයට විවිධ පුද්ගලයින් හා ආයතන විසින් මුදාහැර තිබුණත් ඒ පිළිබඳ කි‍්‍රියාමාර්ග ගත නොහැකි වී ඇතැයිද හෙතෙම කියා සිටියේය.

 

අනිද්දායින් පසු දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන අතර කිසිසේත්ම තව කල්දීමක් සිදුනොවන බවත් වැටලීම් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

 

දිනකට මිලියන 15ක් පමණ ලන්ච් ෂීට් ප‍්‍රමාණයක් පරිසරයට මුදා හරින බව මධ්‍යම පරිසර අධිකාරිය හෙළිදරව් කර ගෙන ඇතැයි පැවසූ අමරවීර මහතා හිටපු ජනාධිපති හා පරිසර අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලන්ච්ෂීට් තහනම් කිරීමේ ගැසට් පත‍්‍රය නිකුත් කරනු ලැබුයේ එවන් පරිසරයක යැයි සිහිපත් කළේය.

 

එහෙත් එම තහනම ක්‍රියාත්මක කිරීම සඳහා නිෂ්පාදන ආයතන, අලෙවි ආයතන හා මහජනතාවද උනන්දු නොවූ බැවින් මෙම වසරේ ගත වූ කාලය තුළ තමන් මේ සම්බන්ධව අදාල වගකිව යුතු අංශ සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම ගැසට් පත‍්‍රය පරිදි නොදිරන පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච්ෂීට් අපේ රටේ නිෂ්පාදනය, බෙදාහැරීම මෙන්ම අලෙවි කිරීම තහනම් කිරීමට තීරණය කරනු ලැබු බවත් පැවසුවේය.

views

839 Views

Comments

arrow-up