පාස්කු ප්‍රහාරයේ කොච්චිකඩේ බෝම්බකරුගේ පියා සියලු චෝදනා වලින් නිදහස්

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බය පුපුරවාගෙන මියගිය අලව්දීන් අහමඩ් මුවාත් නමැති මරාගෙන මැරනු බෝම්බකරුගේ පියා සියලු චෝදනා වලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද(06) නියෝග කළේය.
වසර එක හමාරක් පමණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණ.
අදාල සැකකරු සම්බන්ධව තවදුරටත් නීතියෙන් කටයුතු නොකරන හෙයින් ඔහු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා සැකකරු එසේ නිදහස් කිරීමට නියෝග කළේය.
අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා එලෙස නිදහස් විය.
මෙම සැකකරු සම්බන්ධව ඉදිරි පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබිණි.
ඒ අනුව නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව සාක්ෂි ඉදිරිපත්වී නොමැති බැවින් තවදුරටත් කටයුතු නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද දැනුම් දී තිබිණි.
844 Views
Comments