ඊසාන දිග මෝසම සක්‍රීය වීමෙන් අද සිට වැස්ස වැඩි වෙයි

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද(12) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊසාන දිග මෝසම ස්ථාපිත වීම හේතුවෙන් මෙම තත්වය ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හම්බන්තොට, මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවල මිලි මීටර 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවන බවද ප්‍රකාශකයෙක් පැවසීය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.
716 Views
Comments