සැක සහිත බැංකු ගිණුම් සම්බන්ධයෙන් මහ බැංකුව ගත් තීරණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
05

සැක සහිත බැංකු ගිණුම් සම්බන්ධයෙන් මහ බැංකුව ගත් තීරණය

සැක සහිත බැංකු ගිණුම් සම්බන්ධයෙන් මහ බැංකුව ගත් තීරණය

මුදල් විශුද්ධිකරණය යටතේ හේතුවක් නොමැතිව යම්කිසි පුද්ගලයෙක් තවත් ගිණුමකට මුදල් බැර කරයි නම් ඒ සම්බධයෙන් සොයා බැලීමට මහ බැංකුව කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය.

 

ඊයේ(04) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එවැනි ගිණුම් තහනම් කිරීමට මහ බැංකුවට හැකියාවක් පවතින බවයි.

 

“ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ගලා එන ක්ෂේත්‍ර පිළිබඳව අපි සලකා බලනකොට ඉතාමත්ම ඉහළින් තිබෙන ක්ෂේත්‍රයක් තමයි ප්‍රේෂණ. ඇමෙරිකානු ඩොලර් බිලියන 07ක් පමණ මුදලක් වසරකට එවනු ලැබුවා.

අපි දැක්කා පසුගිය මාසය තුළදී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් පමණ අඩු වීමක් සිදු වෙලා තිබෙනවා.

විවිධ ක්‍රමවේද ඔස්සේ මුදල් හුවමාරුකර ගන්නා නිසා. රුපියල් 200ක විතර තිබෙන එක්ස්චේන්ජ් රේට් එක රුපියල් 240කින් පමණ සමහර තැන්වලදී ගෙවන බව අපට දැනෙනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 300ක් කියලා කියන්නේ රුපියල් බිලියන 72ක් බෙදා හරින්නට අවශ්‍යයි.

කොටි 7,200ක් මේ රටේ බෙදා හරින්ට අවශ්‍යයි. එහෙම බෙදා හරිනවා නම් මේ සල්ලි කොහෙන්ද?.

වැඩි ප්‍රමාණයක් කුඩු ජාවාරම් වලින් වෙන්න පුලු‍වන්. මනි ලොන්ඩරින් නීතිය යටතේ යම්කිසි පුද්ගලයෙක්, මුදල් හේතුවක් නැතුව වෙනත් කෙනෙකුගේ ගිණුමකට දානවා නම් මුදල්වලින් ලබා දෙනවා නම්, ඒ පිළිබඳ අපි සොයලා බලනවා. එවැනි ගිණුම් තහනම් කරන්නටත් මහ බැංකුවට පුලු‍වන්.”‍

views

698 Views

Comments

arrow-up