SEP
11
ඉඩම් ආරවුලක් හේතුවෙන් පහරකෑ පුද්ගලයකු ජීවිතක්ෂයට

අකුරැස්ස මාදොල ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.
මරණකරු ඊයේ(10) රාත්‍රියේ බිරිඳ සමඟ සිය දෙමාපියන් පදිංචිව සිටි නිවෙසට පැමිණ ඇති අතර එහිදී ඔහුගේ වැඩිමහල් සහෝදරයා තවත් තිදෙනෙකු සමග නිවසේ මත්පැන් පානය කරමින් සිටි තිබෙනවා. ඉන් අනතුරුව වැඩිමල් සොහොයුරා විසින් තියුණු ආයුධයකින් එම පුද්ගලයාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය තැනැත්තා අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක්.
237 Views
Comments