අධික වේගය ත්‍රිරෝද රිය අඩි 50ක් පහළට යවයි - දෙදෙනකුට බරපතලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
12

අධික වේගය ත්‍රිරෝද රිය අඩි 50ක් පහළට යවයි - දෙදෙනකුට බරපතලයි

අධික වේගය ත්‍රිරෝද රිය අඩි 50ක් පහළට යවයි - දෙදෙනකුට බරපතලයි

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රියක් අඩි 50ක පමණ ප්‍රපාතයක පිහිටි නිවසක් අසලට පෙරලිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ මගියෙකු බරපතල තුවාල ලබා අද(12) අලු‍යම දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි නෝටන්බ්‍රිජ් පොලිසිය කියයි.

 

නෝටන්බ්‍රිජ් බඹරගල වතු යායේ නිවසක තිබු උත්සවයකට සහභාගි වී ආපසු ත්‍රිරෝද රථය ධාවනය කරවන අවස්ථාවේ අලු‍යම 1.30ට පමණ ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.

 

ත්‍රිරෝද රථය අනතුරට පත්වනවිට ත්‍රිරෝද රථයේ රියදුරා සමඟ මගින් තිදෙනෙකු ගමන් කර ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පලකරයි.

 

අනතුරෙන් ත්‍රිරෝද රථයට බරපතල හානි සිදුවි ඇත.

views

678 Views

Comments

arrow-up