DEC
05
කින්නියා පාරු අනතුරෙන් රෝහල්ගතව සිටි තවත් අයෙකු මරුට

කින්නියා කුරන්ජන්කර්නි කළපුවේ පාලම් පාරු අනතුරට ලක්වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
41 හැවිරිදි කාන්තාවක් සති 02ක පමණ කාලයක් කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(04) රාත්‍රියේ මෙලෙස මියගොස් ඇතැයි කින්නියා පොලීසිය පවසයි.
ඒ අනුව එම අනතුරින් මියගිය සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.
පසුගිය මස 23 වනදා උදෑසන සිදුවූ මෙම අනතුරින් වයස අවුරුදු 03ත් 08ත් අතර ළමුන් සිව්දෙනෙකු, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එදින මියගොස් තිබුණි.
652 Views
Comments