අධිවේගය හරහා මාරුවන දැවැන්තයෝ (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

අධිවේගය හරහා මාරුවන දැවැන්තයෝ (VIDEO)

අධිවේගය හරහා මාරුවන දැවැන්තයෝ   (VIDEO)

හම්බන්තොට, අන්දරවැව යනු වනඅලින් ගහණ ප්‍රදේශයකි.

 

එම අලින්ට පාර මාරුවීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂාවට ඉදිකර ඇති විදුලි වැට බාධාවක්වී නොමැති බව දක්නට ලැබේ.

 

පසුගිය දිනක වනඅලි දෙදෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන් කරන අයුරු එම ප්‍රදේශයේ ගොවි මහතෙකු තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබුණි.

 

එම වන අලි දෙදෙනා අධිවේගී මාර්ගයේ ආරක්ෂක විදුලි වැට කඩා දමා එම මාර්ගය හරහා ගමන් කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.

 

අධිවේගී මාර්ගයේ ගමන් කරන රථ වාහනවල සහ එම සත්වයින්ගේ ආරක්ෂාව උදෙසා බලධාරීන් යමක් කළ යුතු බව ප්‍රදේශවාසීන් කියා සිටියි.

 

 

views

735 Views

Comments

arrow-up