කොතලාවල පනත ගැන මැති සබයෙන් මන්ත්‍රීවරුන්ට පාඩමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

කොතලාවල පනත ගැන මැති සබයෙන් මන්ත්‍රීවරුන්ට පාඩමක්

කොතලාවල පනත ගැන මැති සබයෙන් මන්ත්‍රීවරුන්ට පාඩමක්

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳව සියලු‍ම මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් ලබන මස 03 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවැසීය.

 

මෙම වැඩමුළුව සඳහා පක්ෂ විපක්ෂ සියලු‍ මන්ත්‍රීවරුන් හට ආරාධනා කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

විවිධ පාර්ශව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධව අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන හෙයින් ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට යම් අවබෝධයක් ලබා දීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කරන බව පාර්ලිමේන්තු නිලධාරීන් පවසයි.

 

මෙම වැඩමුළුව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වත්හු කිහිප දෙනෙක් විසින් මෙහෙයවනු ලබයි.

views

752 Views

Comments

arrow-up