ගස්ලබු වගාව විනාශකල ඇතාව නසන්න යකඩ ඇණ තැබූ නරුමයා වනජීවීයට මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
06

ගස්ලබු වගාව විනාශකල ඇතාව නසන්න යකඩ ඇණ තැබූ නරුමයා වනජීවීයට මාට්ටු

ගස්ලබු වගාව විනාශකල ඇතාව නසන්න යකඩ ඇණ තැබූ නරුමයා වනජීවීයට මාට්ටු

කරුවලගස්වැව වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් කරුවලගස්වැව ප‍්‍රදේශයේ ඉඩමක පවත්වාගෙන යන ගස්ලබු වගාව විනාශ කර දැමූ ඇතෙකු මරා දැමීමේ අරමුනින් යකඩ ඇණ ලෑලි සකස්කොට ඇතාගේ පාදවලට ඇණෙන අයුරින් තැබීමට කටයුතු කළ වතු මුරකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

කරුවලගස්වැව 17 කණුව ප්‍රදේශයේ වෛද්‍යවරයකුගේ ඉඩමක මුරකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරු රැකියාව කරනු ලබන ඉඩමේ ගස්ලබු වගාව ඇතෙකු විසින් වනසා දැමීම නිසා කුපිත වීමෙන් අනතුරුව මෙම ඇණ ලෑලි සකසා ඇතා එන මාර්ගයට දමා තිබූ බව කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක බී. රාමසිංහ මහතා සඳහන් කළේය.

 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ යම් හෙයකින් ඇතාගේ පාදවලට මෙම ඇණ ලෑලි ඇණී ගියේ නම් සති ගණනක් ඇතා එම තුවාලවලින් පීඩා විඳ මරණයට පවා ලක්වීමට තිබූ බවයි.

 

අත්අඩංගුවට ගත් සැකකාර මුරකරු වනජීවී ඇප මත මුදාහැර ඉදිරි දිනකදී පුත්තලම අධිකරණයට ඉදිරිපත්වීමට දැනුම් දී ඇත.

views

1524 Views

Comments

arrow-up