සහල් ගැසට්ටුවෙන් පාරිභෝගිකයෝ අමාරුවේ

දේශීය සහල් සඳහා රජය විසින් පනවනු ලැබූ පාලන මිලට (උපරිම සිල්ලර මිල) වඩා අඩු මිල ගණන් වලට සහල් වර්ග වෙළෙඳපොළේ අලෙවි කෙරෙන හෙයින් රජයේ එම පාලන මිල ගැසට්ටුවෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
වෙළෙඳපොළේ දේශීය සහල් සඳහා මෙම නව මිල පාලනය ඊයේ (2) සිට ක්‍රියාත්මක කෙරිණ.
නව පාලන මිල ගැසට් නිවේදනය අනුව නාඩු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 220කි.
එසේම සම්බා සහල් කිලෝවක් රුපියල් 230ක උපරිම සිල්ලර මිල කටද කීරි සම්බා කිලෝවක් රුපියල් 260ක උපරිම සිල්ලර මිලකටද අලෙවි කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
එහෙත් රජය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් මිලට වඩා අඩු මිල ගණන්වලට දේශීය සහල් වර්ග තොග සහ සිල්ලර වෙළෙඳ සල්වල අලෙවි කෙරෙන හෙයින් රජයේ මෙම මිල පාලනය විහිළුවක් බව පාරිභෝගිකයෝ පවසති .
699 Views
Comments