සිංහරාජ සංහාරය ගැන කුංචනාද කළ රක්වානේ දැරියට වෙන්න යන දේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
15

සිංහරාජ සංහාරය ගැන කුංචනාද කළ රක්වානේ දැරියට වෙන්න යන දේ

සිංහරාජ සංහාරය ගැන කුංචනාද කළ රක්වානේ දැරියට වෙන්න යන දේ

මේ වන විට සමාජ මාධ්‍ය කලබමින් සිටිනුයේ සිංහරාජය ගැන කතා කළ රක්වානේ දැරිවිය ගැනය.

 

සිරස ලක්ෂපති වැඩ සටහනට පැමිණ ඇය මුළු රටටම ඇහෙන්න පැවසුවේ තමාගේ නිවසේ වැට මායිමේ ඇති සිංහරාජයේ සිදු වන මහා වන විනාශයක් ගැනය ඇය කතා කරන මොහොතෙත් එම වන විනාශය සිදු වන බව පැවසු ඇය කියා සිටියේ සිංහරාජය තුළ හෝටලයක් ඉදිකෙරෙන බවටය

 

එසේම සිංහරාජයේ තේජවන්ත අලි තිදෙනෙකු සිටි බවත් ඉන් දැන් සිටිනුයේ දෙදෙනෙකු බවත් ඇය කියා සිටියාය

 

මේ ප්‍රකාශක සිදු කොට ඇය නිවසට ගිය පසු නිවසට පැමිණි රක්වාන පොලිසියේ කණ්ඩායමක් ඇයගෙන් මේ සම්බන්ධයෙන් කට උත්තරයක්ද ලිය් ගෙන තිබේ.

 

ඒ ඇය පැවසූ මෙම ප්‍රකාශය ගැන පොලිස්පති නියමයෙන් විමර්ශණයක් සිදු වෙන බව පවසමිනි සමාජ මාධ්‍ය පරිශීලකයින් පවසන්නේ අභීතව පරිසරය වෙනුවෙන් හඬ නැගු මෙම දැරිය රැක ගතයුතු බවටය

 

කෙසේ ෙවතත් මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශණයක් දැන් ක්‍රියාත්මකය.තීරණය එම විමර්ශනයෙන් ඉක්බිතිය

views

808 Views

Comments

arrow-up