බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට රජයේ එකඟත්වයක් නැහැ - GL
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට රජයේ එකඟත්වයක් නැහැ - GL

බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට රජයේ එකඟත්වයක් නැහැ - GL

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව මගින් ලබාදී ඇති බොදු බල සේනා සංවිධානය තහනම් කිරීම කළ යුතු බවට වන නිර්දේශය ක්‍රියාත්මක කිරීමට රජයේ එකගත්වයක් නැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

 

එම නිර්දේශය හැර සෙසු නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ.

 

"සමහර නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරුයි. ඒක අපි අවංකව කියන්න ඕනි.

යම්කිසි අභිමතයක් රජයට තියෙනවා මේ සම්බන්ධයෙන්.

විශේෂයෙන්ම බොදු බල සේනා සංවිධානය සම්බන්ධව නිර්දේශය ක්‍රියාත්මක කිරීම අසීරුයි.

ඒ පිළිබඳ රජයේ එකඟත්වයක් නැහැ.

බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමෙන් හොඳක් වෙයි කියලා අපි හිතන්නේ නැහැ.

ඉතින් නිර්දේශය ක්‍රියාත්මක කිරීමට රජයේ එකඟත්වයක් නෑ. හැබැයි සෙසු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සුදුසුයි ප්‍රයෝජනවත්.

දැන් උදාහරණයක් හැටියට ගත්තහම අන්තවාදී මත විෂය නිර්දේශයට ඇතුලත් වෙලා තියෙනවා.

ඒවා ඉවත් කරන්න ඕනෙ. ඒ වගේම මේ මද්රසා කියන ආයතන පිළිබඳ සහ ඒවායේ උගන්වන පුද්ගලයින් පිළිබඳව යම්කිසි පාලනයක් තියෙන්න ඕනි.

දැන් ඒ නිර්දේශය වහාම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා."

views

631 Views

Comments

arrow-up