පාඨලීට එරෙහි නඩුවට දින නියම කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

පාඨලීට එරෙහි නඩුවට දින නියම කෙරේ

පාඨලීට එරෙහි නඩුවට දින නියම කෙරේ

2016 වසරේදී රාජගිරියේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි 31 වනදා යළි විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා.

 

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු තුසිත් දිනුම් කුමාර සහ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව සාක්ෂි වසන් කිරීම, ගොතන ලද කුමන්ත්‍රණයක් සහ අසත්‍ය අසත්‍ය වාර්තා ලබාදීම යටතේ චෝදනා නගමින් නඩු පවරා තිබෙනවා.

 

මේ අතර අධෘචෝදනා පත්‍රය ට එරෙහි මූලික විරෝධතා අප්‍රේල් 27 වැනි දා විභාගයට ගැනීමට නියමිතයි.

views

640 Views

Comments

arrow-up