ඛනිජ කැණීම් විශේෂ විමර්ශන නිලධාරී තනතුරට විශ්‍රාමික හමුදා නිලධාරීවරයෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

ඛනිජ කැණීම් විශේෂ විමර්ශන නිලධාරී තනතුරට විශ්‍රාමික හමුදා නිලධාරීවරයෙක්

ඛනිජ කැණීම් විශේෂ විමර්ශන නිලධාරී තනතුරට විශ්‍රාමික හමුදා නිලධාරීවරයෙක්

නීති විරෝධීව සිදු කරන වැලි පස් හා කළුගල් කැණීම් කටයුතු පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික හමුදා නිලධාරීවරයෙක් පත්කර තිබෙනවා.

 

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි දිනෙන් දින ඉහළ යන වැලි පස් හා කළුගල් ජාවාරම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන නිලධාරී තනතුරට විශ්‍රාමික මේජර් එස් සී එස් දහනායක මහතා පත් කෙරුණා.

 

ඔහු ශ්‍රී ලංකා යුධ හමුදා ස්වේච්ඡා බලසේනාව හා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමු නෙවෙයි සේවයකර මේවන විට විශ්‍රාම ගොස් සිටින අයෙක්.

 

නීති විරෝධීව සිදු කෙරෙන වැලි පස් කළුගල් ජාවාරම් සම්බන්ධ සියලු තොරතුරු කඩිනමින් සොයා බලා ඒ සම්බන්ධයෙන් වැටලීම් කිරීමට ආරක්ෂක අංශය යෙදවීමට පරිසර අමාත්‍යවරයා විසින් නව විශේෂ විමර්ශන නිලධාරීවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

views

621 Views

Comments

arrow-up