රැඳවියන්ට තහනම් වූ සැනිටයිසර්

රැඳවියන් සඳහා දෑත් පිරිසිදු කාරක දියර භාවිත කිරීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, දෑත් පිරිසිදු කිරීම සඳහා රැඳවියන්ට සබන් ලබාදීමට පියවර ගෙන ඇති බවය.
අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රැඳවියෙකුට දෑත් පිරිසිදුකාරක දියර භාවිත කිරීමට අවසර හිමිවන බව චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.
පසුගිය දා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතික සැකකරුවන් පිරිසක් දෑත් පිරිසිදු කාරක දියර පානය කර ඇති අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකු මියගියේය.
අදාළ සිද්ධියෙන් අනතුරුව රැඳවියන් සඳහා දෑත් පිරිසිදුකාරක දියර භාවිතය තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මේ අතර දෑත් පිරිසිදු කාරක දියර පානය කිරීමෙන් මියගිය ඉරාන ජාතිකයින් දෙදෙනාගේ මෘතදේහයන් ඔවුන්ගේ ඥාතීන්ට භාරදීමට පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
- derana
669 Views
Comments