විදුලි සැර වැදීමෙන් හපුතලේ දී පුද්ගලයෙකු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

විදුලි සැර වැදීමෙන් හපුතලේ දී පුද්ගලයෙකු මරුට

විදුලි සැර වැදීමෙන් හපුතලේ දී පුද්ගලයෙකු මරුට

119 අංකය ඔස්සේ පොලීසිය වෙත ලැබුණු තොරතුරකට අනුව හපුතලේ කහගොල්ල වතුයායේ ගෝනමොටාව මාර්ගයේ ඇති අධි බලැති විදුලි කණුවක් ආසන්නයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ විදුලි සැර වැදීම හේතුවෙන් ඇති වූ පිළිස්සුම් තුවාල එම මෘත ශරීරියේ ලැබෙන බවයි.

 

මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇත්තේ කහගොල්ල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කලක පටන් මානසික ආබාධයකින් පෙළුණු පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

 

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

views

208 Views

Comments

arrow-up