දැරියගේ ගෙලට පිහියක් තබා නිවසේ ලක්ෂ 6ක මුදල් කොල්ල කෑ තිදෙනෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

දැරියගේ ගෙලට පිහියක් තබා නිවසේ ලක්ෂ 6ක මුදල් කොල්ල කෑ තිදෙනෙක් අත්අඩංගුවට

දැරියගේ ගෙලට පිහියක් තබා නිවසේ ලක්ෂ 6ක මුදල් කොල්ල කෑ තිදෙනෙක් අත්අඩංගුවට

ශ්‍රාවස්තිපුර ප්‍රදේශය ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළු වී ව්‍යාපාරිකයාගේ දියණියගේ ගෙලට පිහියක් තබා තර්ජනය කර නිවසේ තිබූ රුපියල් ලක්ෂ හයකට අධික මුදල් මංකොල්ල කෑ  සැකකරුවන් තිදෙනෙකු පෙරේදා අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 30ත් 40ත් අතර වන ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සහ නොච්චියාගම පදිංචිකරුවන් ය.

 

ව්‍යාපාරිකයා නිවසේ නොමැති අවස්ථාවක නිවසට ඇතුල් වී ඔහුගේ බිරිඳ සහ දැරිය බියගන්වා මෙලෙස මුදල් පැහැරගෙන ගොස් තිබෙනවා.

 

අත්අඩංගුවට පත් පුද්ගලයන් මීට පෙරද මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් අධිකරණයෙන් දඩුවම් ලැබූ පුද්ගලයින් බවද පොලීසිය සඳහන් කරයි.

 

ඔවුන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

views

746 Views

Comments

arrow-up