ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය ආයතනය විශ්වවිද්‍යාලයක් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
05

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය ආයතනය විශ්වවිද්‍යාලයක් වෙයි

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය ආයතනය විශ්වවිද්‍යාලයක් වෙයි

ගම්පහ යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය ආයතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භක උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

 

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

2021 මාර්තු 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි "ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය - ශ්‍රී ලංකාව" යන නාමය යටතේ මෙම විශ්වවිද්‍යාලය ස්ථාපිත කර තිබෙනවා.

 

ශ්‍රී ලංකාවේ 16 වැඩ විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපිත කෙරුණු මෙය දකුණු ආසියානු කලාපයේ දේශීය වෛද්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම අරමුණයි.

 

නව විශ්වවිද්‍යාලයේ දී නව උපාධි පාඨමාලා හතක් හැදෑරීමට අවස්ථාව උදා කර තිබෙනවා.

 

2021 වසර සඳහා කණ්ඩායමකට සිසුන් 50 දෙනෙක් බැගින් සිසුන් 350 ක් ඇතුළත් කර ගැනීමට නියමිතයි. 1929 වසරේදී යුර්වේද විද්‍යාව හදාරන සිසුන් සඳහා ආයුර්වේද ක්‍රමය න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව ඉගැන්වීම වෙනුවෙන් යුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ජීපී වික්‍රමාරච්චි මහතා විසින් ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය ලෙස මෙය පිහිටුවා තිබුණා.

 

පසුව එය 1995 දී වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යායතනය නමින් කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ විශ්වවිද්‍යාල ආයතනයක් ලෙස පවත්වාගෙන යනු ලැබුවා.

 

 

 

 

 

 

 

views

1343 Views

Comments

arrow-up