සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන රජයේ සේවකයන්ගේ කට වසයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන රජයේ සේවකයන්ගේ කට වසයි

සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන රජයේ සේවකයන්ගේ කට වසයි

සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් අදහස් පළකිරීමෙන් වළකින ලෙස දැනුම් දෙමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය සියලු රාජ්‍ය සේවකයින් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

 

මාධ්‍යවේදීන් කළ විමසීමක දී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එන්. එච්. එම් චිත්‍රානන්ද මහතා පැවසුවේ එවැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් එම නියෝගය නිකුත් කර ඇත.

 

ඇතැම් රාජ්‍ය නිලධාරීන් රජය සහ රජයේ ප්‍රත්පත්ති අනවශ්‍ය ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකරන බවට නිරීක්ෂණය වී ඇති බව ඔහු සඳහන් කළේය.

 

ඒ අනුව, නිකුත් කළ එම නියෝගය කඩ කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යංශය දැනුම් දී ඇත.

views

701 Views

Comments

arrow-up