ආදරවන්තයින්ගේ දිනයේ ඉලක්ක කර ගනිමින් සිදු කරන කැත වැඩක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්

අදට යෙදී තිබෙන ආදරවන්තයින්ගේ දිනය ඉලක්ක කරගනිමින් ජංගම දුරකථන හරහා පැමිණෙන ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පොලිසිය දැනුම්දීමක් කර තිබෙනවා.
සමාජ මාධ්‍ය ගිණුම් හරහා හෝ කෙටි පණිවිඩ ඔස්සේ ජංගම දුරකථනයට මෙලෙස ව්‍යාජ පණිවිඩ ලැබිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ආදරවන්තයින්ගේ ජයග්‍රාහි යුවළ ලෙස තෝරාපත්කර සඳහා වටිනා ත්‍යාගයක් ලබාදෙන බව සඳහන් කරමින් මෙම පණිවිඩ එවනු ලබන අතර එය ලබා ගැනීම සඳහා යම්කිසි මුදලක් තැන්පත් කළ යුතු බවට කෙටි පණිවිඩය මගින් ඉල්ලා තිබෙනවා.
ත්‍යාග ඡායාරූපද මාජ මාධ්‍ය ඔස්සේ එවනු ලබන අතර ම වංචක ක්‍රියාවලට හසු නොවන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
505 Views
Comments