“මොනවද උඹ මට මේ කරන්නේ, මම කවුද කියලා අමතක ද?” - දුව සංගීතයට ගිය අතරේ බෑනා නැන්දාව කෙලෙසලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

“මොනවද උඹ මට මේ කරන්නේ, මම කවුද කියලා අමතක ද?” - දුව සංගීතයට ගිය අතරේ බෑනා නැන්දාව කෙලෙසලා

“මොනවද උඹ මට මේ කරන්නේ, මම කවුද කියලා අමතක ද?” - දුව සංගීතයට ගිය අතරේ බෑනා නැන්දාව කෙලෙසලා

තම බිරිඳ සංගීතයක් නැරඹීමට ගිය අතරතුර බිරියගේ මව දූෂණය කළ බෑනා කෙනෙක් ගැන පුවතක් සපුගස්කන්ද ප්‍රදේශයෙන් වාර්ථා වෙයි.

 

ඔහුව සපුගස්කන්ද පොලිසිය මඟින් පසුගිය 20දා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.


මාබිම පුදේශයේ කුලී නිවසක සැකකාර බෑනා සිය බිරිය සමඟ සිට ඇති අතර, ගල්නෑව ප්‍රදේශයේ පදිංචි වී සිටින බිරිඳගේ පියා හා මව ඊට පෙර දිනක මෙම නිවෙසට පැමිණ ඇති අතර, පසුව මව එහි සිටියදීම පියා නැවත ගමට ගොස් තිබේ.

 

පසුගිය 20වනදා රාත්‍රියේ නැන්දම්මා හා බෑනා නිවෙසේ සිටියදී බිරිය සංගීතයක් නැරඹීම සඳහා නිවෙසින් පිට වී ගොස් ඇත’ පසුව නිවෙසේ සිටි බෑනා විසින් නැන්දම්මා දූෂණය කර තිබේ.

 

අතවරයට ලක්වූ 54 හැවිරිදි නැන්දම්මා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රාගම මහ රෝහලට ඇතුළත් කිරීමට නියමිතව තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකාර බෑනා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය’

views

391 Views

Comments

arrow-up