පවුල් ආරවුල දිග්ගැස්සී මල්ශාලා හිමිකරු තම බිරියව හිසට වෙඩි තබා මරා දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
28

පවුල් ආරවුල දිග්ගැස්සී මල්ශාලා හිමිකරු තම බිරියව හිසට වෙඩි තබා මරා දමයි

පවුල් ආරවුල දිග්ගැස්සී මල්ශාලා හිමිකරු තම බිරියව හිසට වෙඩි තබා මරා දමයි

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සිය විවාහක සැමියා විසින් බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් වාර්තාවේ. 

 

පෙරේදා(26) රාත්‍රී 7.30ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ අංක 123, පස් වන පටුමග, කරදමණ්ඩිය, නවනගරය, ඇඹිලිපිටිය යන ලිපිනයේ පදිංචි අබේසිංහ කම්කානන්ගේ ඉන්ද්‍රා මල්කාන්ති නමැති තිස්පස් හැවිරිදි දෙදරු මවකි.

 

වීරසිංහ ආරච්චිලාගේ ධම්මික කුමාර නොහොත් අනුර නමැති හතලිස්හත් හැවිරිදි සැකකරු කලක සිට ඇඹිලිපිටිය ප්‍රදේශයේ අනුර මල්ශාලාව නමින් මල්ශාලාවක් පවත්වාගෙන ගොස් ඇත. 

 

මොවුන් දෙදෙනාට අවුරුදු තුනක දියණියක් හා අවුරුද්දක පුතෙකු සිටිති.

 

දෙදෙනා අතර කලක පටන් පවුල් ආරවුල් පැවති බව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. 

 

කලක පටන් පැවැති මෙම ආරවුල දුරදිග යෑමෙන් පසුගිය 26 වැනිදා රාත‍්‍රී 7.30ට පමණ තම නිවස ඉදිරිපිටදී ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් හිසට වෙඩි තබා තම බිරිඳ ඝාතනය කර තිබේ. 

 

සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා මේවන විටත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

 

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

views

70112 Views

Comments

arrow-up