SEP
21
පාර්ලිමේන්තුව අද සහ හෙට රැස් වෙයි

පවතින කොවිඩ් වසංගතය සමඟ පාර්ලිමේන්තුවේ විවාද සියල්ල අද සහ හෙට පමණක් පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත දෙවනිවර කියවීමේ විවාදය හෙට දින (22)කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර අැති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කරයි.
අද දින (21) පාර්ලිමේන්තුව 10.00ට රැස්වීමට නියමිතව ඇත.
867 Views
Comments