ජනපති ගෝඨාභය හා කුවේට් අගමැති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට ගොස් සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කුවේට් අග්‍රාමාත්‍ය ශෙයික් සබා අල් හමාඩ් අල් සබා අතර හමුවක් පැවතිණි.
මෙම හමුව 19වනදා පෙරවරුවේ නිව්යෝක් මෑන්හැට්න්හි දී සිදු විය.
දෙරට අතර පනස් වසරක සමීප මිත්‍රත්වය සිහි කළ නායකයන් දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත් ව ඉදිරියට රැගෙන යා යුතු බව මෙම හමුවේ දී හමුවේදී සඳහන් කර ඇත.
වරාය නගරය,සුලං බලාගාර හා පිරිපහදු ක්ෂේත්‍ර තුළද කුවේට් රාජ්‍යයට ඇති අායෝජන අවස්ථා පිලබඳවද දැනුවත් කල ජනපති ගෝඨාභය ආහාර සුරක්ෂිතතාවය,අධ්‍යාපනය,තොරතුරු තාක්ෂණය,සයිබර් ආරක්ෂාව පිළිබඳව ද දෙරට අතර නායකයන් කතාබහට ලක් කොට ඇත.
750 Views
Comments