ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන අද තීරණයක්

පවතින අර්බුදකාරි වතාවරණය හේතුවෙන් බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව හා සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් පසුගිය 20 වනදා සිට 24 වනදා දක්වා නොපැවත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේය.
ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධයෙන් කටයුතු සොයා බලා සුදුසු පරිදි කටයුතු කිරීමට පළාත් අධ්‍යාපන ප්‍රධානීන්ට අවසර ලබාදී ඇති අතර ප්‍රාදේශීය මට්ටමින් සිසුන් අඩුවෙන් ස සිටින පාසල්වල සිසුන්ට, ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතා බලනොපාන ලෙස එම පාසල් පවත්වාගෙන යාමට පළාත් අධ්‍යාපන නිලධාරීන්ට අවසර හිමි වී ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉදිරි සතිය තුළ පාසල් පැවැත්වීම පිලිබදව අද නිවේදනය කරනු ඇති බව ය.
250 Views
Comments