ඉන්ධන අර්බුදය නිසා අපේක්ෂා රෝහලේ කටයුතු අඩාල වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
18

ඉන්ධන අර්බුදය නිසා අපේක්ෂා රෝහලේ කටයුතු අඩාල වෙයි

ඉන්ධන අර්බුදය නිසා අපේක්ෂා රෝහලේ කටයුතු අඩාල වෙයි

පවතින ඉන්ධන අර්බුදයත් සමග මහරගම අපේක්ෂා රෝහලේ දෛනික කටයුතු අඩාල වී ඇත.

 

මෙම අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන්ට හා රෝහල් කාර්ය මණ්ඩලයට රෝහලට පැමිණීමේ අපහසුතා මතුව ඇති අතර ප්‍රමුඛතා පදනම යටතේ ඔවුන්ට ඉන්ධන ලබාදෙන මෙන් පවසා ලිපියක් නිකුත් කර ඇති බව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. 

 

මෙම ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවැරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීමේ අපහසුතා ඇති බව අපේක්ෂා රෝහලේ, විශේෂඥ ශල්‍ය වෛද්‍ය, කනිෂ්ක ද සිල්වා මහතා පැවසුවේය.

 

 ඔහු වැඩිදුරටත් පවසා සිටියේ වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය වෙත ඉන්ධන ලබා ගැනීමට කාර්‍යක්ශම වැඩපිළිවෙළක් නොමැති බැවින් ඉදිරියේදී රෝහල් කටයුතු අඩාල විය හැකි බවයි. 

 

 

 

views

232 Views

Comments

arrow-up