දුප්පත්ම අයට වේල් දෙකක් නිකන් කන්න දෙන අගමැති රනිල්ගේ අලුත්ම වැඩේ මෙන්න

ආහාර හිඟයට පිළියමක් ලෙස තමන් රටේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ පෙරේදා (9 ) පස්වරුවේ මෙරටට මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග පැවැති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.
මෙම සාකච්ඡාවේදී අගමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එස්. එච්. සමරතුංග රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සහභාගි වූවන් දැනුවත් කළේය.
ආහාර සුරක්ෂිතතා වැඩසටහනෙන් ආහාර වේල් 3ක් ලබා ගැනීමට නොහැකි ජනගහනයෙන් සියයට 10කට නොමිලයේ ආහාර ලබාදීමට රජයට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ කීවේය.
තත්ත්වය පිළිබඳ සැබෑ චිත්‍රයක් ඉදිරිපත් කිරීමට රජයට සහාය වන ලෙස ඔහු මාධ්‍ය හිමිකරුවන්ගෙන් හෙතෙම ඉල්ලීමක් කළේය.
අවශ්‍ය විටෙක මාධ්‍ය විසින් රජයට වගවිය යුතු බවත්, නමුත් ඒ සමඟම වගකීම්සහගත වාර්තාකරණයක් අනුගමනය කරන ලෙසත් අගමැතිවරයා ඉල්ලා සිටියේය.
මාධ්‍ය හිමිකරුවන් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අගමැතිවරයා පැහැදිලි කළේ ආර්ථිකයට සිදුවී ඇති හානිය නිසා එහි ප්‍රතිඵල රටට විඳීමට සිදුවන බවයි. කෙසේ වෙතත් රජය මූල්‍ය සහ සැපයුම් ආධාර ලබා දීම තුළින් බලපෑම අවම කිරීමට උපරිම උත්සාහයක් ගන්නා බව ද ඔහු පැවසීය.
සමාජ අංශයේ සහාය සඳහා රුපියල් බිලියන 200ක මූල්‍ය ආරක්ෂණ ජාලයක් රැස්කරමින් සිටින අතර ජපානයේ විශ්වාසය යළි ඇති කර ගැනීමට සහ ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ජපානය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද අගමැතිවරයා තවදුරටත් පැහැදිලි කළේය.
ආහාර සහ වෛද්‍ය සැපයුම් සඳහා ආධාර ලබා දෙමින් රටවල් ඉදිරියෙන් සිටින බවත්, කෙසේ වෙතත් කිසිදු රටක් නොමිලේ ඉන්ධන ලබාදීමට පියවර නොගන්නා බවත් අගමැතිවරයා පැවසීය.
ඉදිරි මාස කිහිපයේදී රට ගොඩනැඟීමට මාධ්‍ය ආයතනවල සහය ලැබේ යැයි විශ්වාසය තබන බව අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
619 Views
Comments