ජල පහරට හසුවූ සිසුවා බේරා ගැනීමට ගිය සිසුන් දෙදෙනා මාරයාට බිලිවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
04

ජල පහරට හසුවූ සිසුවා බේරා ගැනීමට ගිය සිසුන් දෙදෙනා මාරයාට බිලිවෙයි

ජල පහරට හසුවූ සිසුවා බේරා ගැනීමට ගිය සිසුන් දෙදෙනා මාරයාට බිලිවෙයි

ගල්පාත, කක්කඩුව ඇළේ අද(04) පස්වරුවේ දියනෑමට ගිය ළමුන් දෙදෙනෙකු 02 වැනිදා පස්වරුවේ දියේ ගිලී මිය ගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. 

 

මෙලෙස මියගොස් තිබෙන්නේ ගල්පාත ජය මාවතේ පදිංචිව සිටි රණවක ආරච්චිලාගේ රවීන්ද්‍ර යසස් සහ රණවක ආරච්චිගේ චමිල් විශ්මිත නමැති 14 හැවිරිදි සිසුන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.

 

මියගොස් ඇති දෙදෙනා තවත් තරුණයින් දෙදෙනෙකු සමග දියනෑමට ගොස් සිටියදී 14 හැවිරිදි වෙනත් පාසල් සිසුවෙකු ජලපහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර ඔහුව බේරා ගැනීමට මියගොස් ඇති දෙදෙනා උත්සාහ දැරීමේදී ජලපහරට හසුවී වී මෙලෙස දියේ ගිලී මියගොස් ඇත.


මෘත දේහයන් ගල්පාත ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

626 Views

Comments

arrow-up