අමරකීර්ති අතුකෝරළ ඝාතනයට ත්‍රිරෝද රථ රියැදුරෙක් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනයට අදාළව තව ත් සැකකරුවෙකු නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, සැකකරු 37 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකු බවය.
සැකකරු ඊයේ (මැයි 27) සවස අත්අඩංගුවට ගෙන ඇත.
සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු වන ඔහුගේ සොහොයුරා ද මෙම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ අතර, මැයි 9 වන දා දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් 2,027 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඒ අනුව, ඉන් සැකකරුවන් 898 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
557 Views
Comments