අටුලුගම 09 හැවිරිදි දැරියගේ සිරුර හමුවෙයි

බණ්ඩාරගම අටුලූගම ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 09 හැවිරිදි දැරියගේ මළ සිරුර හමුවී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කලේ දැරියගේ නිවස ආසන්නයේම ඇති අටුලුගම මහ පල්ලිය නම් ස්ථානය අසල වගුරුබිමක තිබී සිරුර සොයාගෙන ඇති බවයි.
04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරිය ඊයේ පෙරවරුවේ සිට අතුරුදන් බවටයි ඇයගේ මව පොලිසියට පැමිණිලි කර තිබුණේ.
නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ආසන්නයේ පිහිටි වෙළඳ සැලකට ඊයේ පෙරවරුවේ ගිය සිය දරුවා නැවත නිවස කරා නොපැමිණි බවයි දෙමව්පියන් විසින් පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වන්නේ.
950 Views
Comments