“සජිත් ජනාධිපති වුණාම මමයි අගමැති, මට තරම් සුදුසුකම් වෙන කාටවත් නෑ” - තිස්ස අත්තනායක (VIDEO)

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස නියත වශයෙන්ම රටේ ජනාධිපති බවට පත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පවසයි.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යධුරය තමන්ට හිමිවීමට නියමිත බවත් පවසන අත්තනායක අග්‍රාමාත්‍යධූරය ලබා ගැනීමට සමගි ජන බලවේගය තුළ වැඩිම සුදුසුකම් සපුරා ඇති එකම පුද්ගලයා තමා බවත් කියා සිටී.
කිසිවිටෙකත් මෛත්‍රීපාල සිරිසේන සමග සමගි ජන බලවේගය සන්ධාන ගත නොවන බවත් හෙතෙම පැවසීය.
ඔහු මෙම අදහස් පල කලේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.
275 Views
Comments