වරිපනම් ඉල්ලන්න ගියවිට පන්සලේ හිමිනම පොල්ලකින් ගහලා

වරිපනම් බදු පැහැර හැරීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මහරගම නගර සභාවේ නිලධාරිනියක් පන්නිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට ගිය අවස්ථාවේදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම නිලධාරිනිය ගමන් කළ ත්‍රිරෝද රථයේ රියැදුරුට හිමිනමක් පොල්ලකින් කළ පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මහරගම පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ඇතැයි පොලිසිය කියයි.
මහරගම පොලීසිය විසින් වැඩි දුර විමර්ශන සිදු කරයි.
703 Views
Comments