මිතුරා වතුරට මත්ද්‍රව්‍ය මිශ්‍රකර බොන්නට දීලා - සිසුවාට බරපතළයි

කිළිනොච්චිය නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක එක් සිසුවෙකු, තවත් සිසුවෙකු පානය කරන ජලයට මත්ද්‍රව්‍යයක් කලවම් කිරීම නිසා ජලය පානය කළ සිසුවා රෝගී වී කිළිනොච්චිය රෝහලට පෙරේදා (06) ඇතුළත් කොට තිබේ.
රෝහලට ඇතුළත් කළ සිසුවාගේ තත්ත්වය බරපතළ බැවින් ඔහුව රාත්‍රියේම යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකොට යවා තිබේ.
කිළිනොච්චිය රෝහල් පොලිසිය විසින් සිසුවාගෙන් ලබාගත් කටඋත්තරයකට අනුව මත්ද්‍රව්‍ය කලවම් කළ සිසුවා අත්අඩංගුවට ගැනීමට කිළිනොච්චිය පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ.
පානීය ජලයට මත්ද්‍රව්‍ය කලවම් කළ සිසුවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු බවත්, ජලය පානය කළ සිසුවා අධ්‍යාපන කටයුතුවලට ඉතා උසස් අන්දමින් දස්කම් දක්වන බවත් ප්‍රකාශ කරන පොලිසිය එම ඊර්ෂ්‍යාව මත මෙම ක්‍රියාව සිදු කරන්නට ඇති බවට විශ්වාස කරයි.
204 Views
Comments