“සමහර ඇමැතිවරුන්ට අමාරුයි.. ඒ නිසා මම නම් පඩිය ගන්නවා” - ඇමැති සනත් නිශාන්ත

ඉතාමත්ම අඩු ආදායම් ලබන අපහසුතාවයෙන් පෙළෙන බොහෝ මැති ඇමතිවරුන් පිරිසක් සිටින නිසා තමන් වැටුප් නොගෙන වැඩ කලොත් ඒ අයට අසාධාරණයක් වන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.
එනිසා තමන් වැටුප් ගන්නා බවත් එම වැටුප් නැවතත් ජනතා සේවයට යොමු කරන බවත් ඔහු පැවසීය.
අද තම අමාත්‍යංශයේ දී පැවැති වැඩ භාරගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
රට තුල අද පානිය ජලය පිළිබඳව ලොකු ගැටලුවක් තිබෙනවා. සමස්ත ජනගහනයෙන් මම විශ්වාස කරන හැටියට 62% කට ආසන්න ප්‍රමාණයකට තමයි මේ වෙද්දි පානීය ජලය නල මාර්ගයෙන් අපි සපයල තියෙන්නේ. ඒ නිසා ඉතිරි කොටස ලබාදිය යුතුව තිබෙනවා. ඒ සඳහා විශාල වැඩසටහනක් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් අපි නිර්මාණය කරා. ඒවා ඉදිරියට යමින් තිබෙනවා. මෙතනදී අපට ප්‍රධාන වශයෙන් රටේ ඇතිවුණු ආර්ථික අර්බුදය ලෝක වසංගත තත්ත්වය ලෝක ආර්ථික ගැටලුව නිසා අප යම්කිසි පසුබෑමකට ලක් වුණා. මං හිතනවා පානීය ජල අමාත්‍යංශය හැටියට අපිට ගැටළුවක් නැතුව ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ප්‍රධාන වශයෙන් ඉන්දියන් credit line එකෙන් අපිට විශාල මුදල් ප්‍රමාණයක් අපිට අවශ්‍ය කරන ජල නල සහ උපාංග මිලදී ගැනීම වෙනුවෙන් අපිට ලැබී තිබෙනවා. ඒ නිසා ඒ ටික ලැබෙන කොට අපිට මේ තියෙන ව්‍යාපෘති ටික ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයි. ඒ නිසා පානීය ජල ගැටලුව විසඳන්න පවස නිවන ඉලක්කයට ගමට වතුර ගෙනයන වැඩසටහන තුලින් අපිට ඉස්සරහට යන්න පුළුවන් වේවි. විශේෂයෙන්ම කෙහෙළිය රඹුක්වැල්ල අපේ අමාත්‍යතුමා එතුමා මගෙත් එක්ක පෞද්ගලිකව කතා කළා. එතුමා අපි බොහොම දන්නා අදුනන අපි බොහොම ලෙන්ගතුව වැඩකරන අමාත්‍යවරයෙක්. මේ වෙලාවෙදි අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ වාසුදේව නානායක්කාර මැතිතුමා. එතුමා අද අපි අමාත්‍යාංශයේ කැබිනට් ඇමතිවරයා හැටියට නොසිටීම පිළිබඳව එක පැත්තකින් කණගාටු වෙනවා. එතුමා ඉතාමත්ම මේ රටට ආදරය කරන හොඳ නායකයෙක් එතුමගේ යම්කිසි දැක්මක් තිබිච්චි නායකයෙක්. ඒවගේම එතුමා පිළිබඳව අපි විශේෂයෙන් මතක් කරන්න මම මීට පෙර රාජ්‍ය අමාත්‍යවරයා හැටියට වැඩ කරන හැම වෙලාවකම එතුමා වැඩිහිටියෙක් හැටියට ගුරුවරයෙක් හැටියට ඉදිමින් අපිව යහමග ගෙනියන්න කටයුතු කෙරුවා. එතුමගෙ ප්‍රතිපත්තිමය කාරණා එක්ක මෙවර අමාත්‍ය ධූරය භාර නොගත්තත් එතුමා කරපු සේවාව අපි අගය කරනවා සහ මතක් කරනවා.යැයි පැවසු සනත් නිශාන්ත,
අද නම වැනි මාසෙ නම වැනිදා මං හිතන්නේ අපි අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙන්නෙ එහෙම නැත්නම් අපි අමාත්‍යධූරයෙන් ඉවත් වෙන්නේ මැයි මස නම වෙනිදා.ඒ නිසා මේක දෛවෝපගත සිදුවීමක් කියලයි මම විශ්වාස කරන්නේ. කොහොම නමුත් අපිට රටේ ජනතාවට විශාල වැඩකොටසක් කරන්න තියෙනවා. අභියෝගයක් තියෙනවා. ලෝක වසංගත තත්ත්වයත් එක්ක ලෝක ආර්ථික අර්බුදයත් එක්ක අපි මේ සියල්ල කළමනාකරණය කරමින් අමාත්‍යාංශයේ කටයුතු කොහොමද කරන්නේ කියන කාරණය සම්බන්ධව අපි කල්පනා කරන්නට ඕන. අපි බොහොම සතුටින් වැඩ කරපු අමාත්‍යාංශයක්. හොඳ නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. විශේෂයෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සහ ජල සම්පත් මණ්ඩලය කියන මේ හැම ආයතනයකම ඉතාමත්ම කාර්යශූර හොඳ නිලධාරි කණ්ඩායමක් ඉන්නවා. සමහර අලස නිලධාරීනුත් ඉන්නවා ඒ අයව උනන්දු කරවමින් අපිට ඉස්සරහට යන්න වෙයි. ඒ නිසා මේ කටයුතු අපිට කරගන්න බාධාවක් වෙන එකක් නෑ. මොකද මේ පිළිබඳ අපි විශාල වශයෙන් අධ්‍යනය කරලා රට තුළ තියෙන තත්ත්වය පිළිබඳව අපිට යම්කිසි අත්දැකීමක් තියන නිසා රට වෙනුවෙන් වැඩ කොටසක් අපිට කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා.
232 Views
Comments