අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර විකුණු කල්ලියකට වැඩ වරදී

ව්‍යාජ ලෙස මුද්‍රණය කළ අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර විකුණූ සංවිධානාත්මක කල්ලියක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ, වැල්ලවත්ත සහ ආදුරුප්පුවීදිය ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.
මෙම වැටලීමේදී අවසර පත්‍ර මුද්‍රණය සඳහා යොදාගත් පරිගනකයක්, ස්කෑන් යන්ත්‍රයක්, ප්‍රින්ටරයක් සහ ව්‍යාජ ලෙස සැකසූ මුද්‍රාවක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.
මෙම කල්ලියේ ප්‍රධාන සැකකරුන් ස්වයං රැකියා සංගමයක හිටපු සම්බන්ධීකාරකවරයෙකි.
මෙම බලපත්‍ර රුපියල් රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා ඔහු මුදලකට අලෙවි කර ඇති අතර එලෙස නීති විරෝධීව සකස් කළ බලපත්‍ර 12ක් ද සොයාගෙන ඇත.
858 Views
Comments