Paypal දෙන්න ආ අය තිබ්බ Card Payment එකත් තහනම් කරලා?
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
18

Paypal දෙන්න ආ අය තිබ්බ Card Payment එකත් තහනම් කරලා?

Paypal දෙන්න ආ අය තිබ්බ Card Payment එකත් තහනම් කරලා?

ව්‍යාපාර සම්බන්ධ කිසිදු අන්තර්ජාල ගෙවීමක් සඳහා පුද්ගලික කාඩ්පත් භාවිතය තහනම් කර ඇති බවට වන ෆේස්බුක් සටහනක් මේ දිනවල දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

 

එම සටහන තබා ඇති පුද්ගලයා පවසන්නේ තමා එවැනි ගෙවීමක් සිදු කිරීමට යාමේදී තම කාඩ් පත බැංකුව විසින් අවලංගු කර ඇති බවයි.

 

ඔහු තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය..

 

"දැන ගැනීම පිණිසයි..

දැනට දින කීපයකට පෙර සම්පත් බැංකුව විසින් මගේ වෙබ් කාඩ් එක තාවකාලිකව suspend කර තිබුණා.ඒ පිළිබඳව කරුණු දැන ගැනීමට අද දින මා කතා කළ විට ඔවුන් පැවසුවේ මහ බැංකුව පවසා ඇති ආකාරයට ව්‍යාපාර සම්බන්ධ කිසිම අන්තර්ජාල ගෙවීමක් සඳහා පුද්ගලික නමට ඇති කිසිදු කාඩ් පතක් ඉදිරියේ දී භාවිතා කළ නොහැකි බවයි.එසේ සිදුකළ හොත් දඩ මුදලකට වුවද යටත් විය හැකි බවයි.

උදාහරණ ලෙස ඔවුන් විසින්ම සඳහන් කළේ

ෆේස්බුක් ගූගල් වැනි ආයතන වලට ගෙවීම් කිරීම කිසිම ලෙස සිදුකර නොහැකි බවයි.මම ඇඩෝබි ආයතනයෙන් මෘදුකාංග මාසිකව මිලදී ගනී මෙම ගෙවීම් සඳහා ද ඉහත සඳහන් කිසිදු කාඩ්පතක් භාවිත කළ නොහැකි බව ඔවුන් පැහැදිලිවම සඳහන් කරන ලදී.

ඉහත ආකාරයට ගෙවීම් කිරීම සිදු කළ නොහැකිනම් කළ හැක්කේ කුමක්ද යන්න ඔවුන් ගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ ඒ සඳහා වෙනත් ක්‍රමයක් සොයා ගන්නා ලෙසයි.මාගේ කාඩ් අංකය දැනටමත් ඔටෝ පේමන්ට් සඳහා වෙබ් සයිට් කීපයකට ලබාදී ඇති බැවින් මෙම කාඩ්පත කෙසේ හෝ මට නැවත ලබා දෙන ලෙස පැවසූ විට ඔවුන් පැවසුවේ.නැවතත් ව්‍යාපාරික කටයුතු සම්බන්ධව අන්තර්ජාල ගෙවීම් සඳහා මෙම කාඩ්පත භාවිතා නොකරන බවටත්, අද සිට මෙහි සිදුවන සියලු ගනුදෙනු වල වගකීම මා විසින් භාර ගන්නා බවටත් ඊමේල් පණිවිඩයකින් ඔවුන් වෙත දන්වන ලෙසයි.නමුත් යම් අවස්ථාවකදී නැවතත් ඉහත ආකාරයට ගනුදෙනු සිදු කරන්නේ නම් දැනුම්දීමකින් තොරවම කාඩ් එක suspend කරන බවට ඔවුන් පැවසුවා

අනෙකුත් බැංකු වලත් සිදුවන්නේ ඒ ආකාරයට දැයි දැනගැනීමට ලංකා බැංකුවට කතා කළ විට ඔවුන් පැවසුවේ ද ඉහත කාරණයයි.ලංකාවෙන් ඩොලර් පිටරට යෑම නැවැත්වීම සඳහා මහ බැංකුවෙන් කරන ලද දැනුම් දීමක් බව ඔවුන් සඳහන් කරා.එක දිගටම ෆේස්බුක් ගූගල් වැනි ආයතන සඳහා මුදල් ගෙවන ගිණුම් ඉදිරියේදී suspend කරන බව ඔවුන් සඳහන් කළා.

මෙම විස්තරය අන්තර්ජාල ගනුදෙනු කරන ඔබගේ දැනගැනීම පිණිස පල කරන ලදී."

 

 

 

උපුටා ගැනීම : Online Entrepreneurs Club ® ෆේස්බුක් සමූහයෙනි

 

 

 

views

1325 Views

Comments

arrow-up