එන්නත විදින්න ආ අයට බඹරු එළව එළවා විදී

කටුනායක, ඇවරිවත්ත, සුමිත්‍රාරාම විහාරථානයේ පැවති කො රෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මධ්‍යස්ථානයට අද (18) දහවල් බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඒ වනවිට එන්නත් ලබා ගැනීම සදහා පෝලිම් 02ක, ප්‍රදේශවාසීන් 4,000ක් පමණ රැදී සිට ඇත. විහාරස්ථානයේ පවතින හිටි පිළිම වහන්සේගේ ආරක්ෂාව සදහා තනා ඇති , ආවරණ මන්දිරය තුළ මෙම බඹර වද දෙක බැඳ තිබූ බව පැමිණ සිටි පිරිස් කියති.
ඒ අසළ කුණු ගොඩවල් දෙකක් ගිනි තබා තිබූ අතර, එයින් පිටවන දුමාරය මෙන්ම එන්නත් ලබා ගැනීමට පැමිණි, ප්‍රදේශවාසීන්ගේ කටහඩ ද, මෙම බඹර වද ඇවිස්සීමට හේතු වන්නට ඇති බව, එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිස පැවසූහ.
මෙම බඹර ප්‍රහාරය එල්ල වනවාත් සමගම, එන්නත් ලබා ගැනීමට පෝලිම් තුළ රැදී සිටි පිරිස සහ එන්නත් ලබා දෙමින් සිටි නිලධාරීන් පිරිස ද, තම ආරක්ෂාව පතා හිස් ලූ ලූ අත දිව ගොස් තිබුණි.
පසුව කටුනායක පොලීසියේ නිලධාරීන්, එම ස්ථානයට පැමිණ, තත්වය පාලනය කිරීමෙන් පසුව, යළිත් දහවල් 12.00 ට පමණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබුණි.
මෙහිදී බඹර ප්‍රහාරයට ලක් වූ කීප දෙනෙකු, වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර තිබේ .
879 Views
Comments