AUG
18
සංචරණ සීමා සහ කොවිඩ් නීති නැවතත් තර කෙරේ - නව මාර්ගෝපදේශ මෙන්න

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
- නව මාර්ගෝපදේශයන් ට අනුව ඕනෑම අවස්ථාවක නිවසකින් පිටව යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි. එය ද අත්‍යවශ්‍ය රාජකාරි සහ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් සීමා කර තිබේ.
- දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන්නේ තොග වෙළදාම සඳහා පමණි.
- සුපිරි වෙළෙඳසැල් ධාරිතාවෙන් 25% කින් ක්‍රියාත්මක විය හැකි නමුත් සාප්පු සංකීර්ණ වසා තැබිය යුතුය.
- දිවයිනේ සියලුම සම්බාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, ළමා උද්‍යාන සහ පිහිනුම් තටාක වසා තැබේ.
- කිසිදු සංදර්ශනයකට හෝ උත්සවයකට අවසර හිමි නොවේ.
- ආගමික ස්ථාන වලට ද ජනතාව ඒකරාශි වීම තහනම් කර තිබේ.
සම්පූර්ණ මාර්ගෝපදේශයන් පහතින්
1090 Views
Comments