“සෞඛ්‍ය අමාත්‍යවරියටවත් ඇහුම්කන් දෙන්න” - නලින්ද ජයතිස්ස ජනපතිගෙන් ඉල්ලයි

සෞඛ්‍ය අමාත්‍යවරියගේ සහ කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යවරියගේ උපදෙස් මත කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා තීන්දු තීරණ ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
කොරෝනා වසංගතය හමුවේ රට තුළ උද්ගතවී ඇති වාතාවරණය පිළිබඳව අනාවරණය කරමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේය.
දැක්වු නලින්ද ජයතිස්ස මහතා දැක්වූ අදහස්,
“කොවිඩ් ආසාදිත අය මරණයට පත්වෙන වේගය සලකා බැලීමේ දී මේ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකායේ කටයුතු පිළිබඳව අපට කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බැහැ.
රටේ අවාසනාවකට කොවිඩ් සම්බන්ධයෙන් වැඩ කරපු විශේෂඥයින් රැල්ලෙන් රැල්ල පැත්තකට කරා.
කොවිඩ් රැලි 4ක් එනකොටත් ඉතිරිවෙලා තියෙන්නේ ජනාධිපතිතුමාට හමුදාපතිවරයා සහ බුද්ධි ප්‍රධානියා විතරයි.
ජනාධිපතිතුමාගෙන් ඉතාම ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා ඔබතුමාට මේ රටේ වෛද්‍ය විශේෂඥයින් කියන දේ අහන්න බැරි නම් ඔබතුමාගේ කැබිනට් එකේ ඉන්න සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් සහ කොවිඩ් රාජ්‍ය අමාත්‍යවරිය කියන දේටවත් ඇහුම්කන් දෙන්න.”
803 Views
Comments