JUN
26
කෙසෙල්ගමු ඔයට කසල තේ බැහැරකර පුද්ගලයින් සොයා පොලිස් විමර්ශන ඇරඹේ

බගවන්තලාව කාසල්රි ජලාශයට ගලා බසින කෙසෙල්ගමු ඔයට තේ කර්මාන්තශාලාවලින් කසළ තේ බැහැර කිරීම සම්බන්ධව පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අළුයම් කාලයේදී බගවන්තලාව සහ නොර්වුඩ් ප්‍රදේශයන්හි තේ කර්මාන්තශාලාවලින් මෙම අපද්‍රව්‍ය රැගෙන විත් ඔයට බැහැර කරන බවයි.
මේ කසල හේතුවෙන් එහි සිටින මත්ස්‍ය සම්පතටද බලපෑම් ඇති වී ඇති බවට ඔවුන් චෝදනා කරනවා.
902 Views
Comments