දඩයමේ ගිය තුනක් ගිනි අවි සමඟ මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
18

දඩයමේ ගිය තුනක් ගිනි අවි සමඟ මාට්ටු

දඩයමේ ගිය තුනක් ගිනි අවි සමඟ මාට්ටු

තබ්බෝව අභය භුමියට යාබද පාවට්ටාමඩුව ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකු ගිනි අවි සහ යතුරුපැදි දෙකක් සමඟ කරුවලගස්වැව වනජීවි නිළධාරින් විසින් අද(18) අලු‍යම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ තබ්බෝව හා පාවට්ටාමඩුව ප්‍රදේශවල පදිංචි පිරිසකි.

බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියක් සහ වායු රයිෆලයක් රැගෙන යතුරුපැදි දෙකකින් සැකකරුවන් ඊයේ(18) අලු‍යම දඩයමේ යමින් සිටියදී වන අලි පලවා හැරිමේ නිරතව සිටි වනජීවි නිළධාරින්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් වනජීවි ඇප මත මුදා හැර ඇති අතර 26 වන දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් වන ලෙසට වනජීවි නිළධාරින් ඔවුන්ට නියෝග කර තිබේ.

views

695 Views

Comments

arrow-up